මීටියාගොඩදී වෙඩි පත්තු වෙයි

මීටියාගොඩදී වෙඩි පත්තු වෙයි: පුද්ගලයෙකුට තුවාල

by Staff writer 21-11-2022 | 7:33 PM

COLOMBO (News 1st) - මීටියාගොඩ, මහවෙල ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මීටියාගොඩ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී වෙඩි වැදීම සිදුව ඇති බවය.

තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යැවූ  බව අප වාර්තාකරු සඳහන් කළේ ය.