.webp)

එම අමාත්‍යාංශය පැවසුවේ, ගොවි එකමුතුවක් යැයි පවසන සංවිධානයක පිරිසක් පෙරේදා මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇති බවයි.
අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
එසේම ඉදිරියේදි කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීමට ඉඩ නොදීමට අදාළ ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.
නීත්‍යනුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය.
