.webp)

ඔහු සඳහන් කළේ, දකුණු ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකයන් හා ගෝලීය අගය දාමයන් සමඟ ශ්‍රී ලංකාව ඒකාබද්ධ කරමින්, එය නැගෙනහිර කලාපය දක්වා දීර්ඝ කර කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වය හා සම්බන්ධ වීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි.
ඒ සඳහා නිර්මාණශීලීව දායක වන්නැයි පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට ජනාධිපති ලේකම්වරයා ආරාධනා කළේ ය.
ජනාධිපති ලේකම්, සමන් ඒකනායක මහතා එම අදහස් පළ කළේ, නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව, වෙළෙඳ මණ්ඩල සහ කර්මාන්ත උපදේශක කමිටු දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.
