ඕමානයේ රැඳී සිටින ලාංකික කාන්තාවන් ගැන නිවේදනයක්..

ඕමානයේ සිටින වීසා කල් ඉකුත් වූ ලාංකික කාන්තාවන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කර ගැනීමට සාකච්ඡා

by Staff writer 21-11-2022 | 7:37 AM
COLOMBO (News 1st) – සංචාරක වීසා කාලය ඉක්මවා ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල ඉවත් කර ගැනීමට සාකච්ඡා කරමින් ඇතැයි විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය පවසයි. රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පැවසුවේ, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බවයි. එම කාන්තාවන් දිවයිනට ගෙන්වා ගැනීමට අදාළ ගුවන් ටිකට්පත් සම්බන්ධයෙන් ගැටලුවක් ඇතැයි ද ඔහු පැවසුවේ ය.