කාන්තාවන් මුදලට විකිණීම: කාන්තාවක් කොටු

ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් CID අත්අඩංගුවට

by Staff writer 21-11-2022 | 11:21 AM

COLOMBO (News 1st) – ඕමානයේදී කාන්තාවන් මුදලට විකිණීමේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අද(21) උදෑසන මෙම කාන්තාව භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවය.

සති කිහිපයක සිට ඇය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර, ඇය ලබාදී තිබූ ලිපිනයන් 4කම ඇය පදිංචිව සිට නොමැති බවය. 

කෙසේ වෙතත් ඇය අද(21) පෙරවරුවේ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ අනුව ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 3කි.