.webp)
තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමිව ඇත්තේ MTV පුද්ගලික සමාගමේ මාධ්‍ය ජාලයටයි.
තරගාවලියේ පළමු තරගය සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය අතර දැන් පැවැත්වෙයි.
මැද පෙරදිග කලාපය සත්කාරකත්වය දරන පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භයට පෙර කටාර්හි අල් - බෙයිට් ක්‍රීඩාංගනයේ දී විමැදචිත්‍රවත් සමාරම්භක උත්සවයක් පැවැත්විය.
එම සමාරම්භක උත්සවය මෙහෙයවීමට සුපිරි අමෙරිකා රංගන ශිල්පී මෝගන් ෆ්‍රීමන් සමගින් සත්කාරක කටාර් දේශයේ ඝනෙම් අල් මුෆ්ටාහ් නැමැති විශේෂ අවශ්‍යතා සහිත දරුවා ද සහභාගී විය.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෝකයට විවෘත වූ බවට සටහන් කළේ අල් මුෆ්ටාහ් එහිදී ශුද්ධ වූ කුරාණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සත්කාරක මැද පෙරදිග කලාපයට ආවේණික සංස්කෘතිකාංග රැසක් ද මෙම සමාරම්භක උත්සවයට එක් කර තිබුණි.
මෙතෙක් විශාලම පිරිවැයක් දැරූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ලෙස සැලකෙන මෙවර තරගාවලියේ සමාරම්භක උත්සවය නැරඹීමට, අල් - බෙයිට් ක්‍රීඩාංගණයට එක් රැස් වූ පිරිස හැට දහසකට ආසනන්න වේ.
මේ අතර සුප්‍රකට බී.ටී.එස්. ගායන කණ්ඩායමේ ජන්ග් කුක් ඉදිරිපත් කළ ''ඩ්‍රිමර්ස් '' නම් අංගයට විශාල ප්‍රතිචාරයක් හිම විය.
ඔහු සමග සත්කාරක කටාර්හි ගායන ශිල්පියෙකු වන ෆහාඩ් අල්-කුබයිසි ද ඒ සදහා එක්විය.
තරගාවලිය ආරම්භ වූ බව නිල වශයෙන් නිවේදනය කළේ ඉන් අනතුරුවයි.
විදුලි ආලෝක ධාරා සහ ගිනිකෙලි සංදර්ශනවලින් ද මෙම සමාරම්භක උත්සවය වර්ණවත් විය.
මෙම සමාරම්භක උත්සවය ඇතුළු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව, දැනුම සහ විනෝදය වෙනුවෙන් වෙන්වූ එකම නාලිකාව වන TV 1 මූලික විකාශන නාලිකාව සූදානමින් සිටී.
කොළඹ සහ බදුල්ල නාලිකා 58, ගොංගල නාලිකා 53, මාතලේ සහ දෙනියාය නාලිකා 53, මහනුවර නාලිකා 51, රත්නපුර නාලිකා 54, යාපනය නාලිකා 34, සහ නුවරඑළියෙන් නාලිකා 59 (දිවයින පුරා), ඇතුළු සංඛ්‍යාත රැසකින් ටීවී වන් ඔස්සේ තරගාවලිය විකාශය වේ.