ගින්නකින් තිදෙනෙකුට තුවාල

ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නකින් තිදෙනෙකුට තුවාල

by Staff writer 20-11-2022 | 2:11 PM

COLOMBO (News 1st) - පුත්තලම, දුම්මලසූරිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලක හටගත් ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසීය සඳහන් කළේ,  අද (20)  උදෑසන හටගත් ගින්න, මේ වනවිට නිවා දමා ඇති බවය.

ගින්නෙන් ස්වර්ණාභරණ අලෙවිසැලට දැඩි හානි සිදුව ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.