.webp)
COLOMBO (News 1st) - ඉරානයේ ළමා ඝාතන, රඳවා තබා ගැනීම් ඇතුළු ළමා හිංසන පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලවන, යුනිසෙෆ් (UNICEF) සංවිධානය දැඩි කනස්සල්ල පළ කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ, ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර සිදුවන ළමා මරණ වහාම නතර කළයුතු බවයි.
ඉරානයේ පවතින විරෝධතා අතරතුර ඉකුත් මාස 2 ඇතුලත ළමුන් 50 දෙනෙකුට ජීවිත අහිමි වීම, මෙම නිවේදනය නිකුත් කිරීමට ආසන්නම හේතුව බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ, ඉරානයේ පවතින අඛණ්ඩ නොසන්සුන්තාව මධ්‍යයේ තම සංවිධානයට සහ අනෙකුත් මානව හිමිකම් සංවිධාන වෙත ළමුන් පිළිබඳ ලැබෙන පැමිණිලි සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.