'මන්න ඛන්නා' ට වෙඩි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'මන්න ඛන්නා' ට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 19-11-2022 | 12:54 PM

COLOMBO (News 1st) - ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ අද (19) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, මාරිමුත්තු ගනේෂන් නොහොත් 'මන්න ඛන්නා' නැමැති අයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

නවගම්පුර නිවාස සංකීර්ණයේ අතුරු මාර්ගයකදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

එලෙස තුවාල ලබා ඇත්තේ, 47 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන තුවාල ලැබූ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිට මුදාහැර සිටි පුද්ගලයෙකු බව ද පොලීසිය පැවසීය.