.webp)
තරගාවලියේ පළමු තරගයට එක්වන්නේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරයයි.
ප්‍රවේගකාරී තරග විලාසයත් ,ගෝලයෙන් ගෝලය ගැටෙන උද්වේගයත් , වැඩිම ප්‍රේක්ෂක ආකර්ෂණයත් මුල් කරගමින් 2022 පාපන්දු ලෝක ශූරතාවලිය මෙවර කටාර්හීදි පැවැත්වේ.
තරගාවලිය සඳහා රටවල් 32ක් එක්වන අතර මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරණ පළමු අවස්ථාව මෙයයි.
වසර 1930 සිට මේ දක්වා ලෝක කුසලාන පාපන්දු තරගාවලි 42ක් පවත්වා ඇත.
ලෝකයේ ප්‍රබල පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලූකා මොඩ්රිව්, ලියානෝල් මෙසී, ලුවිස් සුවාරිස්, කරීම් බෙන්සිමා, රොබට් ලෙවන්ඩවුස්කි සහ නේමාර්ගේ අවසන් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ද මෙයයි.
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට මෙරට වෙලාවෙන් රාත්‍රී 7යි 30ට ආරම්භ වේ.