.webp)

ඔහු පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි.
ඒ අනුව නීතිපතිවරයා, පොලිස්පතිවරයා හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඔවුන් පිළිබඳ වාර්තා ලබා ගන්නා අතර එම වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ සැකකරුවන් 15 දෙනෙකු හා පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 76 දෙනෙකු රඳවා සිටී.
වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන් සංඛ්‍යාව 16කි.
අමාත්‍යවරයා පැවසුවේ, ඔවුන් සම්බන්ධයෙන් කඩිනම් තීරණයක් ඉදිරියේදී ගන්නා බවය.
