.webp)
COLOMBO (News 1st) - චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සහල් තොගයක් රැගත් නෞකාවක් අද(19) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු වී තිබේ.
ශ්‍රී ලංකාවේ, චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එම මෙට්‍රික් ටොන් 1,000ක සහල් තොගය කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බවයි.
ජූනි මාසයේ සිට මේ වන තෙක් සහල් මෙට්‍රික් ටොන් 7,000ක්, එනම් ඇසුරුම් ලක්ෂ 7ක් ශ්‍රී ලංකාවට භාරදී ඇති බවද එදාල ට්විටර් පණිවිඩයේ එහි සඳහන් වේ.