කාලගුණයෙන් නාවික ප්‍රජාවට දැනුම් දීමක්..

කාලගුණයෙන් නාවික ප්‍රජාවට දැනුම් දීමක්..

by Staff writer 19-11-2022 | 10:04 PM

COLOMBO (News 1st) - ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබදව පැවති අඩුපීඩන කලාපය, ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අඩුපීඩන කලාපය මේ වන විට පවතින්නේ බස්නාහිරට බරව, දකුණු - මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යි.

මේ හේතුවෙන් කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

දැනට එම මුහුදු ප්‍රදේශවල සිටින පිරිස්වලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ,  වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසය.