ඕමානයේ මිනිස් ජාවාරම: සැකකරු රිමාන්ඩ්

ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

by Staff writer 19-11-2022 | 3:58 PM

COLOMBO (News 1st) – ඕමානයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

මෙම සැකකරු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඊයේ(18) රාත්‍රියේ අත්අඩගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,  වත්තල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ඔහු මරදාන ප්‍රදේශයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවට සැක කරන බවය.