දරුවන් පිරිසකට ලැබුණු අමතක නොවන තෑග්ග..

සිල්වර් කැන්ඩි ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ලැබුණු අමතක නොවන තෑග්ග..

by Staff writer 18-11-2022 | 10:26 PM

COLOMBO (News 1st) - ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රශ්න සියල්ල මැද ගම්මැද්දයි ජනතාවයි ගම්වල වැඩ..

අවුරුදු හැටකට වැඩි කාලයක්පානීය ජලය නොමැතිව දුක් විඳිමින් සිටි වලපනේ සිල්වර් කැන්ඩි දෙමළ විද්‍යාලයට අද සිට පිරිසිදු ජලය ලබාගත හැකි පරිදි ගම්මැද්ද ව්‍යාපෘතියක් දියත් කෙරේ.

සිල්වර් කැන්ඩි දෙමළ විද්‍යාලය පිහිටා තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපන කොට්ඨාසයේ යි.

මෙහි අධ්‍යාපනය හදාරණ සිසුන් බොහෝ දෙනෙකුගේ දෙමාපියන්, තේ කර්මාන්තයේ නියැලෙන වතු කම්කරුවන් වේ.

විදුහලේ ප්‍රාථමික අංශයේ දරුවන්ට පානීය ජලය නොතිබුනු අතර මේ ගැටලුව නිවැරදිව හඳුනාගත්තේ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේදී.

මෙම ගම්මැද්ද ක්‍රියාන්විතය සමඟ අත්වැල් බැඳගත්තේ ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය යි.

ජල ව්‍යපෘතිය සිසු අයිතියට පත්කළේ, ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදයේ සභාපති, කැප්ටන් නිරන්ජන් ජෝන්පුල්ලේ, ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ සහ ජාත්‍යන්තර සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සඳුන් සෙනෙවිරත්න, විද්‍යාලයේ විදුහල්පති පන්නිවේල් චන්ද්‍රසේකරන් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.