සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්

සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්

by Staff writer 18-11-2022 | 5:08 PM

COLOMBO (News 1st) - සති අන්තයේ විදුලි කප්පාදුව පැය 1 කට සීමා කර තිබේ.

ඒ අනුව විදුලි කප්පාදුව හෙට (19) සහ අනිද්දා (20) සවස 5.30 සිට 8.30 දක්වා පැය 1 ක් කප්පාදු කෙරෙනු ඇති.

තව ද නොවැම්බර් 21 වැනි දා පැය 2 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව 21 වැනි දා A-W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති.