.webp)
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ, නීතියේ ආධිපත්‍ය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ විනය පවත්වාගෙන යාමට පොලිස් ප්‍රධානියා ලෙස ඔහු අවශ්‍ය පියවර ගත යුතු බවයි.
පාගමනට බාධා කිරීමට හේතුව, එය ක්‍රියාත්මක කළේ කාගේ නියෝග මත ද, එම අණ හෝ නියෝග ක්‍රියාත්මක කළේ කවුරුන් විසින් ද, අදාළ සිද්ධියට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව පොලීසිය ආරම්භ කළ ක්‍රියාමාර්ග මොනවා ද යන තොරතුරු පදනම් කරගනිමින්, මානව හිමිකම් කොමිෂන් සභාවට දිවුරුම් ප්‍රකාශයක් මගින් කරුණු ඉදිරිපත්ක කරන ලෙස ද පොලිස්පතිවරයාට මෙම ලිපියෙන් දැනුම් දී තිබේ.