ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක්: ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාවට ඉදිරි නිවේදන ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක් - සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය

by Staff writer 18-11-2022 | 7:42 PM

COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු සාගර කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක් සිදුව ඇති බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කරයි.

මේ හේතුවෙන් සුදු නිවේදනයක් නිකුත් කරන ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල හා ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසය. 

මේ පිළිබඳව නිව්ස්ෆස්ට් අදාළ ආයතනවලින් විමසීම් කරමින් සිටින අතර ඉදිරි තොරතුරු ඔබවෙත කඩිනමින් වාර්තා කිරීමට අප සූදානම්.