රාජ්‍ය ඇමති ඩයනාට තවදුරටත් රට ගමන් තහනම්

රාජ්‍ය ඇමති ඩයනාට තවදුරටත් රට ගමන් තහනම්

by Staff writer 17-11-2022 | 11:18 AM

COLOMBO (news 1 st) – ව්‍යාජ හැඳුණුම්පත් හා උප්පැන්න ඉදිරි පත් කර  විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහි නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් නියෝගය දෙසැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කර තිබේ. 

නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත්තේ, ඇයට විදෙස් ගමන් තහනම යුක්ති සහගත නොවන බැවින් එය  ඉවත් කර ගන්නා ලෙසයි. 

මෙහිදී පැමිණිලිකාර  පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊට දැඩිව විරුද්ධත්වය දක්වා,  අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ,  සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.  


කෙසේ වෙතත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරයාගේ ඉල්ලීම  සම්බන්ධ නියෝගය ඉදිරියේදි නිකුත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා එහිදි පවසා තිබේ. 

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  මහත්මියට අද (17) දින දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වැනිදා තහනම් නියෝගය නිකුත් කළේ ය.