රාජ්‍ය ආයතනවල ලේඛනයක් පළමු වරට පාර්ලිමේන්තුවට

රාජ්‍ය ආයතනවල ලේඛනයක් පළමු වරට පාර්ලිමේන්තුවේදී සභාගත කෙ⁣රේ..

by Staff writer 17-11-2022 | 5:51 PM

COLOMBO ( News 1 st ) –  රාජ්‍ය ආයතනවල ලේඛනයක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අද (17)පාර්ලිමේන්තුවේදී සභාගත කළේ ය. 

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආයතන ලේඛනයක් එලෙස සභාගත කළ බවයි. 

එම ලේඛනයට අනුව රජයට අයත් ආයතන සංඛ්‍යාව 1,283 කි.  

වැය ශිර්ෂ 19ක් යටතේ මුදල් වෙන් කරන එම ආයතන අතරට අමාත්‍යාංශ 29 ක් , දෙපාර්තමේන්තු 99 ක් , දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් , පළාත් සභා 09 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ක් සහ පළාත් පාලන ආයතන 341 ක් ඇතුළත් ය.  

එම ලේඛනයට අනුව රාජ්‍ය ව්‍යාපාර ඇතුළුව හිමිකාරිත්වය සහිත ආයතන සංඛ්‍යාව 420 කි.