COLOMBO (News 1st) – මෝටර් රථ ලියාපදිංචි ගාස්තු හා වාර්ෂික බලපත්‍ර ගාස්තු ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව ගැසට් පත්‍රය අනුව එන්ජින් ධාරිතාව 1600 ට අඩු මෝටර් රථයක් ලියාපදිංචි කිරිමේ නව ගාස්තුව රුපියල් 25 ,000 කි.
එන්ජින් ධාරිතාව 1600 ට වැඩි මෝටර් රථයක් සඳහා වන නව ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000 ක් දක්වා ඉහළ නංවා තිබේ.
ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව 2,000කි.
මෝටර් ගිලන් රථ, මෝටර් අවමංගල්‍ය රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රු 10,000ක් බව නව ගැසට් පත්‍රයේ සඳහන් ය.
යතුරු පැදියක නව ලියාපංදිචි ගාස්තුව රුපියල් 3,000 කි.
කිලෝග්‍රෑම් 762 කට අඩු පෙට්‍රල් මෝටර් රථ සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 2500 කි.
යතුරු පැදියක හා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව රුපියල් 900 ක් බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
කිලෝග්‍රැම් 762 කට වැඩි ඩීසල් මෝටර් රථ සඳහා වාර්ෂික ආදායම් බලපත්‍ර ගාස්තුව 3900 කි.
මෙම නව ගාස්තු හෙට සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ සඳහන් ය.
සංශෝධනය කෙරුණු ගාස්තු පිළිබඳ විස්තර මෙතැනින්…