.webp)
උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා වැඩතහනමට ලක්ව සිටි කාලය සඳහා වහාම හිඟ වැටුප් ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 8 වැනිදා නියෝගය ඉටු කිරීමට ප්‍රමාද වීම මීට හේතුවයි.
හිටපු නියෝජ්‍ය පොලිස්පති,වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතාට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
අභියාචනාධිකරණය ඇප මත මුදා හරිනු ලැබූ, තමා නැවත සේවයේ පිහිටුවන ලෙස හා සේවය අත්හිටුවා තිබු කාලය සදහා හිග වැටුප් ගෙවන ලෙස ඉල්ලා එම උප පොලිස් පරීක්ෂකවරයා ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මැයි 08 වැනිදා නියෝග කළේ, වහාම හිඟ වැටුප් ගෙවීමට පියවර ගන්නා ලෙසය.
පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කළ එම නියෝගය ඉටු කර නැතැයි පෙන්වා දෙමින්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා කළ කරුණු දැක්වීම සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම සදහා අද පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පොලිස්පතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ නියෝගයට අනුව ඔවුන් අද(16 ) අධිකරණය හමුවේ පෙනී සිටියහ.