.webp)
පොලීසිය සඳහන් කළේ, 27 හැවිරිදි රත්ගම ප්‍රදේශයේම පදිංචි එක් දරු පියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඔහු සිය බිරිඳ සහ දරුවා සමග රත්ගම මුහුදේ දියනෑමට ගොස් ඇති අතර, එහිදී ඔවුන් තිදෙනාම රළ පහරට හසුව තිබේ.
අනතුරට පත් පිරිස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී අදාළ පුද්ගලයා මියගොස් තිබේ.