.webp)
COLOMBO (News 1st) – කුරුඳුවත්ත පොලීසිය චෝදනා කිහිපයක් මත ඊයේ අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයේ විරෝධතාවක නිරතවූ හිටපු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු එහිදි පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් පාගමනක් ආරම්භ කළේ, කාන්තා හිංසනයට එරෙහිවයි.
පාගමන ආරම්භ කර ඉදිරියට ගමන් කරද්දී ඊට මැදිහත්වූ පොලිසිය ගමන වැළැක්වීමට උත්සාහ කළේ ය.
පසුව පිරිස කොළඹ එකස්ත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට පාගමනින් පැමිණි අතර පොලිසිය වරින් වර ඊට බාධා කරමින් ප්‍රකාශ කළේ, එක් අයෙකු පසුපස තවත් අයෙකු ලෙස පදික වේදිකාවේ ගමන් කරන ලෙස දන්වමිනි.
එක්සත් ජාතිනීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැමිණි පිරිස වීදි නාට්‍යයක් රඟ දැක්වීමට පියවර ගත්තේ ය.
අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ පිරිස ජනාධිපතිවරයාගේ නිවස දෙසට පැමිණි අතර මහගමසේකර මාවත ඉදිරිපිටින් පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන අවහිර කළේ ය.
එහිදී පිරිස නැවතත් වීදි නාට්‍යය රඟ දැක්වී ය.
පොලිසිය කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමත් සමග නැවතත් ඇතිවුනේ සංවාධාත්මක තත්ත්වයක්.
මේ අතර වාරයේ වීදි නාට්‍යයේ රගපෑ කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
එම කාන්තාව අත්අංගුවට ගත් බව දැනගත් වහාම හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය දෙසට දිවගියා ය.
කුරුඳුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණි පිරිස විරෝධතාවක් ආරම්භ කරමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන ලෙසයි.
අනතුරුව පොලිසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුගවට ගැනීමට පියවර ගත්තේ ය.