හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15ක් අත්අඩංගුවට

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15ක් පොලිස් අත්අඩංගුවට

by Staff writer 14-11-2022 | 2:27 PM

COLOMBO (News 1st)  - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, චෝදනා කිහිපයක් මත අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද(14)  පෙරවරුවේ  විරෝධතාවයක් සිදු කළේ,  කාන්තා අයීතින් සුරකින ලෙස රජයට බලකරමිනි.

විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කාන්තාවන් පිරිසක් නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස  කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණියේ ය.

එහිදි කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.