.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන සන්ධානයට එක්විය.
විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළ ආකාරයට එලෙස එක්වී ඇත්තේ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න හා ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ය.