.webp)
COLOMBO ( News 1 st ) – ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණ කළේ, ලබන 8 වැනිදා එම අයැදුම්පත සලකා බැලෙනු ඇති බවයි.
කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4 ක් ගොනුකර තිබේ.
ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත්විය.
එහිදී සිඩ්නි අධිකරණයෙන් ඔහු ඇප ඉල්ලීමක් කළත්, එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා ඔහුගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.