කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්...

by Staff writer 14-11-2022 | 10:38 AM

COLOMBO (News 1 st ) - කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (16) බදාදා පෙරවරු 8.30 සිට පැය 24ක 
ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.  

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.