.webp)
ඒ අනුව අද(14) දිනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, නයිජීරියාවේ ජනාධිපතිවරයා සහ නාවික හමුදාපතිවරයා හමුවී ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
සමකාසන්න ගිනී රාජ්‍යයේ දී මීට මාස 3 කට පෙර ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන සිටි එම්.ටී හෙරොයික් ඉඳුන් නෞකාව පෙරේදා දිනයේදී නයිජීරියාවට භාරදී තිබෙන අතර එම නෞකාව අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්ධන රැගෙන යාමට නයිජිරියාව බලා ගොස් ආපසු යාත්‍රා කරමින් සිටියදීයි.
මේ වන විට නයිජීරියාවේ නැංගුරම් ලා ඇති නෞකාවේ සේවයේ නියුතු 16 දෙනෙකු නෞකාවෙන් බැහැරට රැගෙන ගොස් ඇති අතර එහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ විමර්ශන සඳහා යැයි පවසමින් ඔවුන්ව නෞකාවෙන් බැහැරට රැගෙන ගිය බවයි.
මේ අතර අදාළ ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මුදාගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයි සමස්ත ලංකා වෙළෙඳ නාවිකයින්ගේ සංගමයේ ලේකම් රන්ජන් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ අතර නයිජිරියාව භාරයට ගෙන ඇති එම්.ටී හෙරොයික් ඉඳුන් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් ඇතැයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයද නිවේදනය කර තිබේ.