.webp)
ඒ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(14) පස්වරු පහට අරලියගහ මන්දිරයේදීයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, මෙහිදි අයවැය යෝජනා පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතව ඇති බවයි.
මේ අතර අය-වැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද පස්වරුවේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් කැඳවා ඇතැයි ද සමගි ජන බලවේගය සඳහන් කරයි.
එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අද(14) පස්වරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එම රැස්වී ම පැවැත්වෙන බවයි.
මේ අතර අයවැය යෝජනා පිළිබඳව සාකච්ජා කිරිම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදි කණ්ඩායම නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩාමේ රැස්විමක් අද (14) පස්වරු 5 ට පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ ය..