.webp)
එලෙස මියගොස් ඇත්තේ, කුරුණෑගල රිදීගම, පිහිඹිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක සහ 18 ක එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි.
ඔරුව පෙරළීමෙන් අතුරුදන්ව සිටි 10 හැවිරිදි දැරියකගේ සිරුර ඊයේ(12) පස්වරුවේ සොයා ගැනිණි.
ඔරුව පෙරළෙන විට එහි පුද්ගලයින් 08 දෙනෙකු සිට ඇති අතර දිවි බේරාගත් පුද්ගලයින් අතරට මාස 08 ක බිළිදෙකු ද සිටී.
පොලීසිය පැවසුවේ ඔවුන් සූරියවැව ප්‍රදේශයේ ඥාතී නිවසක පැවති දානමය පිංකමකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ එම වැවට ගොස් ඇති බවය.