.webp)
නෙවාඩා ප්‍රාන්තයේ තීරණාත්මක අවසන් ප්‍රතිඵලයත් සමග නිල වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය මැතිවරණ ජයගත් බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
අවසන් ප්‍රතිඵලයට අනුව ඩිමොක්‍රටික් පක්ෂය සෙනට් සභාවේ මන්ත්‍රී ආසන 50ක් ජය ගෙන ඇති අතර රිපබ්ලිකන් පක්ෂය හිමිකරගෙන ඇති ආසන ගනණ 49 කි.
තවත් එක් මන්ත්‍රී ආසනයක් ජෝර්ජියාව සඳහා ඉතිරි වී ඇති අතර ඊට අදාල මන්ත්‍රී ධුරය එළඹෙන දෙසැම්බර් මාසයේදී තෝරාපත් කර ගැනීමට නියමිතය.
වසර 20 කට පසුව ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ඉහළම ජයග්‍රහණය මෙයයි.
මෙම මැතිවරණයෙන් පසුව රිපබ්ලිකන් පක්ෂය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය පවත්වාගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එසේ වුවහොත් ජනපති ජෝ බයිඩ්න්ට සිය දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට අපහසු වනු ඇතැයි එරට වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.