.webp)
වේයන්ගොඩ, කටුවස්ගොඩ ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 16 ක නව යොවුන් වියේ දැරියක් මිය ගොස් තිබුණේ, ඇය දිවි ගෙවූ බෙම්මුල්ල බුලත්ගංගොඩ ප්‍රදේශයේදීයි.
මෙම දැරිය, දෙමාපියන්ගෙන් වෙන්ව තරුණයෙකු සමග අදාළ නිවසේ වාසය කර ඇතැයි ඇගේ ඥාතීන් සඳහන් කළහ.
ඇගේ දෙමාපියන් සඳහන් කළේ, බාලවයස්කාර දැරියක් වීම හේතුවෙන් අදාළ දැරිය අධිකරණය වෙත යොමු කර තීන්දුව ලැබෙන තෙක් රන්මුතුගල පිහිටි රජයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා පසුව නාරාහේන්පිට පිහිටි පරිවාසයකට යොමුකළ බවයි.
පසුව ඇය පාසල් අධ්‍යාපනයට ද යොමු කර ඇත්තේ, නාරාහේන්පිට පරිවාසයේ සිටියදීයි.
එම කාලය තුළ පෙර සබඳතාව පවත්වාගෙන ගිය 26 හැවිරිදි තරුණායා පැමිණ අදාළ දැරිය යළිත් බෙම්මුල්ලේ පිහිටි නිවස වෙත රැගෙන ගොස් ඇතැයි දැරියගේ ඥාතීන් පැවසීය.
ඇය මියගොස් ඇත්තේ ද එවන් පසුබිමකදීය.
ඊයේ (11) පෙරවරුවේ මෙම දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඊයේ දිනයේදීය.
අදාළ සැකකරුවන් අද (12) දහවල් ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර නොවැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.