අවසන් සටනට සියල්ල සූදානම්

පකිස්ථානයට සහ එංගලන්තයට 2022 T20 ලෝක කුසලානයේ සම ශූරතාවය හිමි වෙයිද?

by Staff writer 12-11-2022 | 9:52 PM

COLOMBO ( News 1 st ) - 2022 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක ශූරයින් තීරණය වන තීරණාත්මක තරගය හෙට(23) පැවැත්වීමට නියමිතය.

එම තරගය පකිස්ථානය සහ එංගලන්තය අතර මෙල්බන්හිදී පැවැත්වේ.

තරගයට ලක්ෂයකට ආසන්න ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ.

පකිස්ථානය හෙට තරග බිමට පිවිසෙන්නේ 2009 වසරින් අනතුරුව 20යි 20 ලෝක කිරුළක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන්.

එංගලන්තය 2010 වසරේදී විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස කිරුළු පැළැඳි නමුත් 2016 වසරේදී අනුශූරතාවයට හිමිකම් කී අතර  පකිස්ථානය තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේ සුපිරි 12 දෙනාගේ වටයේදී ඉහළ දක්ෂතා දක්වමින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා සිටි නවසීලන්තය පරාජය කරමිනි.

මේ අතර පකිස්ථානයට එරෙහි අවසන් තරගයට පිවිසීමේ සිහිනය ඉන්දියාවට අහිමි කළ එංගලන්තය හෙට පැවැත්වෙන තරගයේ ස්ථානය තහවුරු කර ගත් අතර එංගලන්ත නායක ජෝස් බට්ලර් පවසන්නේ අවසන් පූර්ව තරගය ඇතුළු පෙර පැවැති තරගවලදී තම කණ්ඩායම දැක්වූ දක්ෂතා මෙම අවසන් තරගයේදී ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බවය. 

තරගාවලිය ආරම්භයේදී දක්ෂතා අතර නොසිටි නමුත්,  ඉන් අනතුරුව අවසන් මහා තරගය තෙක් පැමිණි අයුරින්ම මෙම තරගයේදී දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන බව පකිස්ථානය නායක බාබර් අසාම් ප්‍රකාශ කර තිබේ.

මෙම කණ්ඩායම් දෙක 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවස්ථා දෙකකදී මේවන විට හමු වී ඇති අතර එම තරග 2ම ජය ගත්තේ එංගලන්තයයි.

තරගාවලි සංවිධායකයින් මෙම අවසන් තරගයේ ඇතැම් නීති වෙනස් කර ඇත්තේ මෙල්බන් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට හෙට දිනයේදී වර්ෂාව ඇති වීමට ඉඩ ඇති බවට පලවන වාර්තා හේතුවෙනි.

ඒ අනුව අතිරේක දිනයක් ලෙස නම් කර ඇති අනිද්දා(14) තරග පැවැත්විය හැකි කාලය පැය දෙකකින් දීර්ඝ කර තිබේ.

නමුත්, පන්දුවාර 10ක තරගයක් ලෙස හෝ එය  ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්, එංගලන්තයට සහ පකිස්ථානයට සම ශූරතා පිරිනමනු ඇති.

හෙට තරගය මෙරට වේලාවෙන් පස්වරු 1යි 30ට ආරම්භ වීමට නියමිත තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස ටීවී ඔස්සේ මෙම තරගය සජීව