හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙල: මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 ක් සම්මානයෙන් පිදුම් ලබයි

කර්තෘ Staff writer

12 Nov, 2022 | 10:26 pm

COLOMBO (News 1st) – හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 දෙනෙකු හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

වියට්නාමයේ පැවති හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 6 වැනි වරටයි.

සම්මානයට පාත්‍රවූවන් අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා ද වේ.

හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සෙසු රංගන ශිල්පීන් වන්නේ හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දසුන් පතිරණ, ප්‍රියන්තසිරි කුමාර, අශාන් ඩයස් සහ සුරන් දසනායක යන මහත්වරුන් ය.

ඔවුන් වෙනුවෙන් සම්මානය ලබාගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන මහතායි.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]