දිලංක ඉසුරු කුමාරගෙන් බර ඉසිලීම වාර්තා 2 ක්

දිලංක ඉසුරු කුමාරගෙන් බර ඉසිලීම වාර්තා 2 ක්

by Staff writer 11-11-2022 | 8:22 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර බර ඉසිලීම කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පොදු රාජ්‍ය මණ්ඩල වාර්තා 2 ක් අද පිහිටුවා තිබේ.

2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොළොන්නරුව ක්‍රීඩා සංකීර්ණයේදී අද (11) දෙවැනි දිනටත් පැවැත්වේ.

දිලංක ඉසුරු කුමාර එහිදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 116ක බරක් එස වූ අතර ඒ අනුව එම අංශයේ පොදු රාජ්‍ය මණ්ඩල සහ ශ්‍රී ලංකා වාර්තා බිඳ වැටුණි.

ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එස වූ බර කිලෝග්‍රෑම් 141කි.

දිලංක කිලෝග්‍රෑම් 257ක මුළු බරක් එස වූ අතර එය ද පොදු රාජ්‍ය මණ්ඩල සහ ශ්‍රී ලංකා වාර්තා වේ.