.webp)
ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වුණේ, ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙසයි.
වසන්ත මුදලිගේ මහතා ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.
ඒ අනුව, පෙත්සම විභාගය ජනවාරි 31 වන දා ආරම්භ වේ.
පෙත්සම අද කැඳවුණේ විජිත් මලල්ගොඩ සහ එස් තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේයි.
වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙනී සිටි.