රුසියානු - යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2ක් මරුට..

රුසියානු - යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2කට ජීවිත හානි..

by Staff writer 10-11-2022 | 8:53 PM

COLOMBO ( News 1 st ) - රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි අමෙරිකාව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍යය  මේ බව වාර්තා කර  ඇත.

රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2 ක් පමණ  මෙලෙස මියගොස් හෝ තුවාල ලබා ඇතැයි අමෙරිකානු වාර්තා පෙන්වා දී තිබේ.

යුද්ධයට මැදිවූ සිවිල් වැසියන් 40,000 ක් පමණ මියගොස් ඇති බවද අමෙරිකානු වාර්තාවේ සඳහන් වේ.