නිවාඩු නැතිව රට ගිය හමුදා සමාජිකයින්ට දැනුම්දීමක්

නිවාඩු නැතිව රට ගිය හමුදා සමාජිකයින්ට සේවයෙන් ඉවත් වීමට පොදු සමාකාලයක්

by Staff writer 10-11-2022 | 9:07 AM

COLOMBO (News 1st) - නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින හමුදා සමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලබන 15 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා එම පොදු සමාකාලය ක්‍රියාත්මකයි. 

මෙම පොදු සමා කාලය ලබා ගත හැකි වන්නේ, මේ වසරේ ඔක්තෝබර් 25 වැනි දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ හමුදා සමාජිකයින් සඳහා පමණක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

මේ සඳහා නීති විරෝධි ක්‍රම මගින් විදේශගත වූ හෝ විදේශගත වීමේදී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.