.webp)
COLOMBO (News 1st) – නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන සහ ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නැයි, පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදි ඇතැයි පෙලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වධය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබුණි.
කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය සංගමයක සිසුන් පහරදී නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.
පොලිසිය සඳහන් කළේ, ඊට උපදෙස් දුන්නා යැයි කියැවෙන සිසුන් 06 දෙනෙකු නේවාසිකාගාරයක් තුළ තවත් සිසුන් පිරිසක් විසින් රඳවා තබා ගනිමින්, ප්‍රශ්න කරමින් පහරදී ඇති බවට කැලණිය පොලිස් ස්ථානය වෙත පැමිණිලි ලැබී ඇති බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට සමාජ මාධ්‍ය භාවිතා කර අසභ්‍ය දර්ශන යොමුකර නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.