.webp)
COLOMBO ( News 1 st ) - ට්විටර් සේවකයින්ගේ දුරස්ථ රාජකාරි අවසන් කරන ලෙස එහි හිමිකරු ඉලෝන් මස්ක් නියෝග කර තිබේ.
ඒ ට්විටර් සේවකයින් සඳහා සිය පළමු ඊ - මේල් පණිවුඩය යොමු කරමිනි.
ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් සිය සේවකයින්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, ඉදිරියේදි අසීරු කාල වකවානුවකට සුදානම් වන ලෙසයි.
ලොව ධනවත් ම පුද්ගලයා සේ සැළකෙන ඉලෝන් මස්ක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ට්විටර් සමාගම මිලදී ගත් ගත්තේ ය.
අමරිකානු ඩොලර් බිලියන 44 කට සිදුවු මෙම ගනුදෙනුව හේතුවෙන් ට්විටර් සමාගමේ සේවකයින්ට සිය රැකියා අහිමී වීමේ අවදානමක් මේ වන විට මතුව ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කර ඇත.
මේ අතර සමාගමේ විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සේවයෙන් ඉවත් කරමින් මස්ක් මේ වනවිට ගෙන ඇති තීන්දුව මේ වන විට දැඩි කතාබහට ලක් වී තිබේ.
ට්විටර් සමාගමේ සේවය ලබා ගන්නා සත්‍යාපිත ගිණුම් හිමියන්‍ගෙන් මාසික ගාස්තුවක් අය කිරීමට ද නව කළමනාකාරීත්වය තීරණය කර ඇත.