කන්දකාඩු ගැටුම:පලා ගිය රැඳවියන් 09 ක් අත්අඩංගුවට..

කන්දකාඩු ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 10-11-2022 | 3:47 PM

COLOMBO (News 1st) –  වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ , සේරුනුවර මහින්දපුර හා පුලස්තිගම ප්‍රදේශවලදී ය. 

මහින්දපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු රැඳවියන් 05 දෙනා මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.  

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුනුවර නගරයේදී ය. 

පලා ගිය තවත් රැඳවියන් 03 දෙනෙකු පුලස්තිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරයි.