රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා සිට යළි ඇරඹේ

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා සිට යළි ඇරඹේ

by Staff writer 10-11-2022 | 7:00 AM

COLOMBO (News 1st) - රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14) සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5 ක් පෙරේදා මෙරටට ආනයනය කළ බවයි.

කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි.