.webp)
COLOMBO (News 1st) – හක්මණ, කැඹිලියපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් සිය බිරිඳ ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිදිරි කාන්තාවකි.
සැමියා සමග ඇතිවූ පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවයි.
සිය බිරිඳ සේවය කරන ස්ථානයට පැමිණි සැකකරු මන්නා පිහියකින් බිරිඳගේ හිසට හා ගෙළට පහරදී ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය.
සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
මේ අතර කිලිනොච්චිය පුදුමුරිප්පු ඇලෙහි තිබි සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
පොලිසිය පැවසුවේ කෝනාවිල් නැගෙනහිර කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස හමුව ඇති බවයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මේ වන විට කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබේ.
මේ අතර බදුල්ල බදුලු ඔයේ අන්දෙනිය පාලම අසල ගල්පරයක තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ.
මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත.