මර්දනයට එරෙහි රට පුරා විරෝධතා

මර්දනයට එරෙහි රට පුරා විරෝධතා

by Staff writer 09-11-2022 | 8:39 PM

COLOMBO ( News 1 st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු මහජනතාව විසින්  මර්දනයට එරෙහිව අද(09) දිවයින පුරා  ස්ථාන කීපයකදීම විරෝධතා ක්‍රියාත්මක කළහ. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  සංවිධානය කරනු ලැබූ විරෝධතාවක් පොළොන්නරුව,කඳුරුවෙල නගරයේදී පැවැත් වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ  මේ මර්දනය නවත්වා ජනතාවට වහා සහන සෙන ලෙසය.

එසේම වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සියලු  අරගලකරුවන් වහා නිදහස් කරන හා ත්‍රස්ත පනත වහා හකුලා ගනු" යන්න තේමා කර ගනිමින් අද  අනුරාධපුර නව බස්නැවතුම් පොළ ඉදිරිපිටදී  ද මහජනතාව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය එක්ව විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින්  අද දහවල් තංගල්ල රෝහල මංසන්ධියේ දී විරෝධතාවයක් පැවැත්වීය.

මේ අතර තවත් විරෝධතාවයක් අද කෑගල්ල මධ්‍යම වෙළඳ සංකීර්ණය ඉදිරිපිට දී  පැවැත්වුණ අතර  ත්‍රස්ත පණත වහා අහෝසි කරන ලෙසත් බඩු මිල පහත දමන ලෙසත් බල කරමින් මෙය සංවිධානය කර තිබුණි.

මේ අතර අද පෙරවරුවේ කළුතර නගර මධ්‍යයේදී ද  විරෝධතාවක් පැවැත් වූ අතර පසුව පිරිස රථ පෙළපාලියකින් වාද්දුව දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූහ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු මහජනතාව විසින්  මර්දනයට එරෙහිව අද(09) දිවයින පුරා  ස්ථාන කීපයකදීම විරෝධතා ක්‍රියාත්මක කළහ. 