.webp)
COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි.
ඒ අනුව උතුරු , උතුරුමැද , නැගෙනහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.
මේ අතර මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැළකි සිටින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට අවධාරණය කර තිබේ.