.webp)
COLOMBO (News 1st) - පකිස්ථානය පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් බලා ගැනීමට අද (09) සමත් විය.
ඒ, නවසීලන්තයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගය, කඩුලු 7කින් ජය ගනිමිනි.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක පකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තුන්වන අවස්ථාව මෙය වේ.
මීට පෙර 2007 සහ 2009දී සුදුසුකම් ලබා ගත්තේය.
2009 වර්ෂයේදී ශූරතාවය දිනා ගැනීමට ද සමත් විය.
සිඩ්නිහිදී අද පැවති තරගයේ, කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 49කදීය.
ඩෙවෝන් කෝන්වේට ලකුණු 21කට දැවී ගියේ ය.
ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 6යි.
නායක කේන් විලියම්සන් සමග එක් වූ ඩැරල් මිචෙල්, නවසීලන්ත ඉනිම ගොඩනැගුවේ ය.
ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 68කි.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විලියම්සන් පන්දු 41කින් ලකුණු 46ක් රැස් කළේ ය.
ඩැරල් මිචෙල් පන්දු 35කින් 4 පහර 3ක් සහ 6 පහරක් සමගින් නොදැවී ලකුණු 53යි.
පකිස්ථානය වෙනුවෙන් ශහීන් ශා අෆ්‍රිඩි කඩුලු 2ක් දමා ගැනීමට සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 152යි.
නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් පකිස්ථාන පිළිතුරු ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට සමත් විය.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 105යි.
බාබර් අසාම් පන්දු 42කින් 4 පහර 7ක්ද සමගින් ලකුණු 53 රැස් කළේ ය.
රිස්වාන් පන්දු 43කින් ලකුණු 57 රැස් කළ අතර ඔහුගේ ඉනිම 4 පහර 5කින් වර්ණවත් විය.
පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී පකිස්ථාන පිතිකරුවන් සිය ජයග්‍රාහී ලකුණු සීමාව පසුකිරීමට සමත් විය.
පකිස්ථානයට එරෙහිව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුරුන්ද?, යන්න තීරණය කරන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (10) සවස 1.30ට පැත්වීමට නියමිතය.
ඒ, ඇඩිලේඩ්හිදී ඉන්දියාව සහ එංගලන්තය අතරයි.
පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV ඔස්සේ සජීව ලෙස ඔබට නැරඹිය හැකිය.