.webp)
COLOMBO ( News 1 st ) - මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු දෙවන රෝගියාත් මෙරටින් වාර්තා වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම රෝගියා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවය.
ඔහු ඊයේ (08) දිනයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ජාතික රෝහලින් එම රෝගියා පසුව අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යවා ඇති බවය.
අයි.ඩී.එච්. රෝහලේදී කරන ලද පරීක්ෂා කිරීමේදී, එම රෝගියාට මන්කිෆොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී, ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ ය.
ශ්‍රී ලංකාවෙන් පළමු වරට මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු රෝගියෙකු හමුවුණේ පසුගිය 04 වැනිදායි.
ඔහු ද ඩුබායි සිට මෙරටට පැමිණි, වයස අවුරුදු 20ක තරුණයෙකි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඊයේ (08) වනවිට ලොවපුරා තහවුරු කරන ලද වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 78,599 කි.
මන්කිෆොක්ස් වැළඳීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 44 කි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ජුලි මාසයේදී මන්කිෆොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය.
දෙවැනි මන්කිෆොක්ස් ආසාධිතයාත් වාර්තා වෙයි..
මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු දෙවන රෝගියාත් මෙරටින් වාර්තා වෙයි.