.webp)
COLOMBO (News 1 st ) - අරගලයේ ක්‍රියාකාරීන් අද කොළඹ ගාලු මුවදොරදී සංවිධානය කර තිබූ ජනතා විරු සමරුවට පොලීසියෙන් දැඩි බාධා එල්ල විය.
කොළඹ ගාලු මුවදොර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මහජන අරගලය සිහි කරමින් මෙම ජනතා විරු සැමරුමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් , සිවිල් සංවිධාන , වෘත්තිකයින් සහ සාමාන්‍ය පොදු මහජනතාව සහාභාගී වූහ.
අද දවහල් සිටම ගාලු මුවදොරට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් කැඳවා තිබුණි.
පොලිස් නිලධාරීන් පැමිණ සැමරුම ගාලු මුවදොර එක් කොටසක සිදු කරන ලෙස කළ ඉල්ලීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි.
කෙසේ වෙතත් , මහා සංඝරත්නය ප්‍රමුඛ අරගලකරුවන් ගාලු මුවදොර ඉදිරිපිට පදිකවේදිකාවේ සිය මියගිය අරගල ක්‍රියකාරීන් සිහිපත් කරමින් පැන් වැඩීම සිදු කළ අතර ආගමික වතාවත් සිදුකරන අවස්ථාවේදී පොලිසිය යළි මැදිහත්ව පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී යළි උණුසුම් තත්ත්වයක් ඇති විය.
පොලිසියේ බාධා කිරීම් හමුවේත් මහා සංඝරත්නය සහ අරගල ක්‍රියාකාරීන්, මියගිය අරගලයේ විරුවන් සිහි කරමින් ආගමික වාතාවත් සිදු කළහ.
ඉන් අනතුරව අරගලකරුවන් ගාලු මුවදොර එක් ප්‍රදේශයකට ගොස් පහන් දල්වා සැමරුම් උත්සවය