.webp)
COLOMBO (News 1 st ) - අමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කරමින් පවතී.
බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, දැනට ප්‍රකාශිත ප්‍රතිඵල මත හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩේන්ගේ පාලක පක්ෂය අතර තියුණු තරගයක් පවතින බවය.
මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂය සෙනට් සභික ආසන 48 ක් සහ රිපබ්ලිකන් පක්ෂය සෙනට් සභික ආසන 47 බැගින් හිමි කරගෙන තිබේ.
මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික ධුර 173 ක් ඩිමොක්‍රටික් පක්ෂය දිනා ඇති අතර රිපබ්ලිකන් පක්ෂය දැනට හිමිකරගෙන ඇති නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික ධූර සංඛ්‍යාව 199කි.
මෙම මධ්‍ය කාලීන මැතිවරණය මගින් ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435ක් සහ සෙනෙට් සභිකයින් 100 දෙනෙකු තොරා ගැනෙනු ඇති.
මෙම මැතිවරණයේ ප්‍රතිඵල මගින් ඉදිරි වසර දෙක සඳහා කොංග්‍රසය පාලනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරනු අතර කෙසේ වෙතත් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉදිරි සැලසුම් ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ මෙම වැඩි සභික සංඛ්‍යාවක් දිනා ගැනීම හේතුවෙන් තර්ජනයක් මතුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.